Tuesday, December 28, 2010

තාත්තා

නේක වද වේදනා - අනන්ත දුක් කම් කටොළු
තරණය කොට , ඉපිද මිය ගිය සසර ගමනේ......
ලදළු සුහුඹුලකට ප්‍රාණය පිඹ ........
ජිවය දුන් , පණ නළයි නුඹ........

නේක හැඩයෙන් - ලොව දකින්නට
පියෙන් පිය මැන ලොව දිනන්නට
දිරිය කැටි කොට - දිවිය පුද දුන් ......
අහස් ගග නුඹ - නොමැති නිම් හිම්......

අමිල ගුණ දම් - නොනිමි මනු දම්
ජවය කොට දිවි මග දිනන්නට........
නොසැලි අටලෝ දහම අභිමුව
විරිය ගෙන අදිටන දරන්නට........
මග කියාළු - පහන් වැට නුඔ
යනෙන මග ඝණදුර මකාලුව......

බිදුනි අත්වැල - නිවුනි ඉර හද
සිදි ගොස් ඇත - ඒ මහෝඝය.....
නු‍ඹේ රුව නැත - උණුසුමද නැත.....
කැදවාගෙන ගොස් නුඹව දෙවියන්.....

දැනේ තනිකම - නැතිව නුඹෙ රුව
දැනේ බිය සැක - නුඹ නොමැති ලොව.....
බිදි ගිය සේ මහා මේරුව .......
මග නොමග මංමුලා වි ඇත.....

ලොව දිනන්නට - රජ කරන්නට
තම ලෙයින් ලොව දිනු දරුවන්......
මං තනාලු - දිවි කියාලු .......
නුඹෙ සුවද ගෙන ගොසින් පවනැල්......

මේ සසර නිම් හිම් තෙරක් නැති
ඉපිද ,ඉපිදී මියෙන වාරේ.......
නුඹේ සෙනෙහස, නුමේ උණුසුම......
සොයා එමි ඇසිපියක් වාරේ.........

තනා දරුවන් - හොවා ගුණදම්
ලොවට දන් දුන් පිනෙන් සසරේ....
සිදී භව ගග, තැනී මෙත් මග .........
බුදු වෙයන් මෙත් බුදුන් විලසේ.........

Tuesday, December 21, 2010

අවසරය

පිනි බිදද ගිනියම්ව ඇවිලෙනා වාළුකා තෙර.
සැරතැසට දිය සෙවූ - විඩාපත් මුවැත්තියට
තරු වියන යට ඉසිඹු ගෙන පැ ....
ඉර බටු තරුවේ ............
නික්ම යන්නට අවසරයි.

රැය රළුව, අදුර රුදුරුව
සිහින සුන්වි කදුළු වැගිරුව
සමණලියට ..........
කදුළු පිසදා අදුන් තැවරු......
වෙදදුරාණනි.......
නික්ම යන්නට අවසරයි.

හිරු සදු උරණව - අදුරෙහි ගිලි
මග නොමග නොමදැන හුදකලාවු
සද සාවියට ...........
පහන් එළි පා - මග කියාලූ
ඇදුරාණනි............
නික්ම යන්නට අවසරයි.

නික්මන

''හරිම ලස්සනයි.''හරිම ලස්සනයි , දකින දකින හැම කෙනෙක්ම මුව පුරා හිනා වෙවි කියද්දි හිතට මොකක්ද්දෝ අහිංසක සතුටක් දැනෙනවා , මිනිස්සුන්ගෙ මුහුණ කියන්නෙ හදවතේ කැඩපතයි කියලා කියන දේ පිළිගන්නම වෙනවා කිසිම කෙකෙක් ගැන තරහක් නපුරක් නොහිතන ,අනුන්ගෙ දෙයකට හඩා නොවැටෙන හිත් ඇත්තටම ලස්සනයි ප්‍රභාෂ්වරයි. ජිවිතේ ලැබෙන දේ දුක හෝ සතුට මෙත් සිතින් බාරගෙන ලැබෙන හැම දෙයක්ම උපේක්ෂාවෙන් විදදරා ගන්න හැමදාම මොකක්දෝ නොපෙනෙන බල වේගයකින් ශක්තිය ලැබුනා.

වෙන හැම දෙයක්ම මතු හිමිවෙන වාසනාවේ පෙර නිමිත්තක් සේ සිතන්නට මම මගේ හිතට කියා දි තියෙනවා. ඒ නිසාමද කොහෙද මගේ හිත කොයිතරම් අහිංසකද කියලා , පුංචි දේටත් මගේ හිත මොන තරම් රිදෙනවද කියලා මං දිහා බලලා කිසි කෙනෙකුට කියන්න බැරිව ඇත්තෙ.ජිවිතේ දරා ගන්න තදුළු තරම් හොද බෙහෙතක් කවදාවත්ම මේ ලෝකෙ කවුරුත්ම හොයා ගන්න එකක් නැ. අඩන්න නම් කාට බැරිද, ඒත් කදුළු ගංගාවක් හිත ඇතුලෙ ගැලුවත් ඒ කදුළු මහෝඝයට නෙත් ඉවුරු බිද දමන්නට ඉඩ නොතබන එකයි හපන්කම.

කවුරුන් කොහොම හිත රිදෙව්වත්, ඒ කිසි කෙනෙකුගෙ හිතකට හුස්මක තරම රිදවිමක් කරන්නට හිතක් නෑ. සමහර විටක ඒ කරුණාව මනුස්සකම තවත් සිතුවිල්ලක් මොන විදිහට බාර ගන්නවාද කියලා නම් තේරුමක් නැ.
ඒ වගේ වෙලාවට කරන්න පුලුවන් හොදම දේ තමා අපේ මනුස්සකම, අපේ කරුණාව අපි ලගම තියාගෙන නිහඩ විම , වටහා ගන්නට , වටහා දෙන්නට නොහැකි සිතුවිලි මතින් නික්මයාම.

Wednesday, December 15, 2010

සිත්විලි

හෙණ ගගහා ඇද හැලුනු මහ වැස්ස තුරල් වෙලා යන්තම් , හද එළියට මුතු කැට වගේ දිලිහි දිලිහි තිබුනු පිණි කැට යන්තම් ඉර ඇස් අරින කොටම කදුළු වෙලා මහ පොළවට වැටෙනවා , ඒ පිණි කදුළු වලින් හේදුනු තණ පත් හීගඩු පිපෙන තරමට සීතලයි. රේල් පාරට ඔබ්බෙන් අස් මානයේ පෙනෙන මහ මුහුද, රැලි නගන දිහා බලාගෙන ගාලු පාරෙ සුදු කඩ ඉරි රේඛා ලුහුබැදගෙන දුවන රිය කවුළුව අතරින් සිරුර පුරා විනිවිද දුවන සුවදායක සිතල අතර,මම මගේ සිතුවිලි විමසුවෙමි. සිත්විලි මුහුද වගේ ඇස මානයේ අනන්තයට දිස්වෙන තොරක් නැතිව රළ නංන්වන බිදෙමින්, නැගෙමින් පිණි විසුරණ මහ මුහුද ව‍ගේ. මහ මුහුද අතොරක් නැතිව හැල්මේ මහා රළ නගමින් වෙරළ කරා දුවගෙන එන්නෙ හරියට සිමා පවුරු බිදගෙන මුළු මිහි තලයම සිනු විසුනු කරන්නට වගේ ඒත් මායිමට ලං වෙද්දි මුහුදෙ ඒ දග කාරකම් කොහෙදෝ මන්දා... වෙරළ ඉක්මවා යන්න මහා ශක්තියකින් හැල්මේ දුවගෙන එන රළ ගෙඩි වලට වෙරළ ඉක්මවා යන්න බැහැ වගේ , සිතුවිලිත් ඒ වගේමයි.ඉමක් කොනක් නිමක් නැතිව රළ නගමින් ඇදෙනවා ඒත් ඒ සිත්විලි රළ ඉසිඹුවකට වත් නුඹ ඉක්මවා යන්නෙ නෑ. හරියට වෙරළ ඉක්මවා නොයන රළ වගේ.

සිතේ තියෙන සිතුවිලි ඔහේ ගිරවෙක් වගේ කියලා දාලා , ඇස් දෙක දිහා බලාගෙන හිනා වෙවි ''ඇයි මුකුත් කියන්නැත්තේ'' කියලා අහන එක හරිම ලේසියි.ඒත් දන්නවාද, සමහර විට වචන වලින් කියනවාට වඩා , මුකුත් නොකියන නිහඩ සිතුවිලි වල තියෙන බර වැඩියි. නිහඩ සිතක් හුගක් ගැඹුරුයි . සමහර සිත්විලි සිතක් ඇතුලෙ සිර වෙලා උණුහුම්ව හංගාගෙන ඉද්දි හරිම සුන්දරයි හරියට වැස්සකට කලින් වතුර ගන්න වැවකට උඩින් පයන දේදුන්නක් වගේ හරිම සුන්දරයි. කොයි තරම් රස වින්දත් මදි කියලා හිතෙනවා. නිහඩ හිතක උපදින සිතුවිලිත් ඒ වගේමයි.

සුන්දර ඒ සිතුවිල්ලක් එක්ක හිතට තනිවෙන්න ලැබෙන එක ඇත්තටම භාවනාවක් . සමහර විට ඒ සිතුවිලි වචන කරන්න ගියොත් නොකිලිටි ඒ සිතුවිලි වල කදුළු ගැවේවි. හරිම ලෝබයි. ඇත්තටම මිනිස්සුන්ට තමන්ගෙ සිතුවිලි වචන නොකර හැගිම් කියන්නම බැරිද, එහෙම තේරුම් ගන්න පුලුවන් නම් මේ තරම් හිත් නොරිදේවි. සමහර මොහොතක වචන දහසකින් කියුවත් නොවැටහෙන කතාවක් එක හුස්මකින් කියලා ඉවර කරන්නට පුලුවන්, ඒත් ඒ සිතුවිල්ල ඒ උණුසුමින්ම අවබෝධ වේවිද.........

පහන් වැට

ගිනි ගෙන දැවෙන කතරක
අසරණව සෙවනක් සෙවු මුවැත්තියකට - මහා මේඝයක් විය නුඹ, සරතැසින් ඇ මුවා කරලන

සිතිජයටත් දුරින් නුඹ ඇතැයි මට වඩා -සිතු එක් ඉසිඹුවක,
නුඹ සිටි ඇසි පිය සෙවන යට -අදුන් සුග වී දෑස සරසණ

මහෝඝය වි දැස උතුරා - දිවි දැල බිද කදුළු ගැලු කල
ගල් පරෙහි වැද සිමුදු සිත්තම් - කදුළු දියඹෙහි ගිලී ගිය කල
පාසි සුගකුදු සරණ යදිමින් - ජිවිතය කෑ මොර ගැසු කල
යාත්‍රිකයා නුඹයි රන්වන් රුවල් පා ජීවය මුදාලුව

බිහිදොර

සිනාහ මල් පොකුරක් දෝත දරා ගෙන, බිදෙන් බිද තැන් තැන් වලින් ජිවිතයට එකතු වී ජිවිතය සුවපත් කල , කදුලක රස පහස කිමැයි හදවතට කියා දුන් පහන් කන්දක් බදු ජිවිතයට පා ලකුණු පැ ජිවිත අත්දැකිම් , සිසිල් දිය දහරක් කොට ගලා යන්නට අවසරයි. මෙතැන් සිට , දෙවුරු තලා බිද නොදමා පෙම්වත් කොට නිල්වන් තුරු ලතා ගං දෑල දෙපස , ගලාවි ජිවිත ගගුල නොසිදී කිසි ලෙසක, දහසු වු පවසින් පෙලෙන සිත් සතන් තුලට සිසිල් වූ දිය දෝතක් වන්නට හැකි වේවා මගේ ජිවිත ගගුල .......


ජිවිතය යනු කිමැයි සිතුවෙමි දහස් වර, ඉපදීම හා මරණය අතර කාල පරාසය තුල දෝලනය විම යැයි සිත්වෙමි බොලද ලෙස එක් මොහොතක, නැත. බිද වැටි පැතුම්  කදුලු මහෝඝය ඇද හැලෙන කලක සිතුවෙමි , පරාදය යැයි ජිවිතය. නැත සෙනෙහසේ බිජු වට මහී කත මත සුවදැල් වූ සිතුවිලි කිරිවැද සුවද වපුරන කල වටහා ගතිමි. මෙය නොවැද ජිවිතය.