කලා වැව නුඹ - තෙරක් නොපෙනෙන
නීල වන් පෑ දියෙන් හැඩ වුන......
ස්වේත උත්පල මමයි දිය මත
නුඹට නොව - පුදසුනක හැඩවන ..........
අදුරු නුබ නුඹ - අමාවක කල
එකුදු තරුවක - එළිය නොලදුව.......
පහන් සද මම - ඒ අමාවක
අහස් ගැඹ අදුරින් මුදාලන............
සිදු ගැඹර නුඹ - තෙරක් නොපෙනෙන
රළ නගා ඉපිදෙමින් මියැදෙන...........
අහස් ගැඹ මම - ඒ සයුරු තෙර
ක්ෂිතිජ රේඛා ඉමේ තනිවුන............
කවිය නුඹ - කැටපතෙහි ලියවුන
සිය වසක් කල් - මැකි නොමැකුණ
සත්සරය මම - නුඹේ කවියට........
වෙන තතක කිසි දිනෙක නොගැයෙන.........
තරු ඇසයි මම - අදුන් තැවරුන
හසරැලින් සරසවා දිදුලන............
කදුලු බිද නුඹ - ඒ නුවන් අග
සිනා සැරසිලි දොවා නහවන...........
අදුරු රැය මම - දැස සතපන
සුසුම් මදනල - අතර නැළවෙන......
සිහිනයයි නුඹ - නේක පැහැ සර.....
රැයද සමගින් මැකී වියැකෙන..........
No comments:
Post a Comment