ජිවිතය කියන්නෙ විදදරා ගැනිමට කියන තවත් වචනයක්ද මන්දා......
වෙලාවකට ඇයි මිනිසුසුන්ට සන්වේදී හිත් ලැබුනෙ කියලා හිතනවා
දැනෙනවා නම්, එක පුංචි වචනයකින් හිත කොච්චර රිදෙනවද කියලා..........
කිසිම දේකින් රිදෙන් නැති හිතක් තියෙන හින්දද මන්දා
වචන මේ හැටිම නපුරු...................
පිටතින් බැලුවාම හිත ඒ තරමටම අහිංසකද කියලා හිතන්න බැරි මිනිස්සුන්ගෙ හිත්
හ රියට වෙඩරු පිඩු වගේ ................................
පුංචි දේටත් හඩා වැටෙන බව තේරුම් නොයන ..........................
හිතකින් නවාතැන් හැර යාම හිතට නිර්වාණයක්..........................................
කතා කලාට වචන වල තියෙන මහා අගය නොතේරෙන
හිත් වලට කතා නොකර - ........................
දෙතොල් තද කරගෙන ගොළු වෙලා ඉන්න එක හිතට නිර්වාණයක්.....................................
මුණ ගැහිලා හිත රිදෝගෙන වෙන්වෙලා යන්න වෙනවට වඩා
දෑස් හමුවෙන මානයටවත් නෑවිත්.....................
ගව් ගනනක් ඈතකට හැංගිලා යන එක හිතට නිර්වාණයක්...............
මතකය අවදි වෙවී හිතට කියා දෙන්නෙ.................................
හිත හිතන්නවත් අකමැති මතකයන් නම්......................................
සිතුවිලි සීතල වී ...................................
ඒ සිතට නිසල වන්නට ලැබෙනවා ..........................
ඒක හිතකට නිර්වාණයක්..................................
No comments:
Post a Comment