Thursday, January 6, 2011

රැගෙන යාම

විසල් අනෝරා වැසි වැටුනු මග
සෙවන තැනු තුරු වදුල වුනු නුඹ
වියරු වේ නම් - චන්ඩ රළ මෙන..........
කෙලෙස , කොයිබින් පතමි සෙවනක් ..........
නික්ම යන්නෙමි තබා සුසුමක්............


දියඹ රුදුවි තැනුනු ඹ්ගයෙ
නිලෙන් පැහැබර දෙ,ඉවුර වූ නුඹ.........
මවා සරතැස , දවා සියොලග
දවාලයි නම් නීල තුරු හිස...........
සා පිපාසෙට කොයින් ඔසු පැන්
නික්ම යන්නෙමි තබා සිහිලස.........

සවන පාරන වදන් අභිමුව
දැවි සියොලග රිදුම් දෙන සද........
නුමේ වදනින් සුවය ලද සිත..........
යකුළු වන් රුදු වදන් නුඹගේ ..........
පාරවා නම් යලිදු පෙරසේ......
නික්ම යන්නෙමි නුඹට රහසේ.........

බිදී සිහිනය නේක පැහැසර
මංමුලා වූ කලක මතකය.........
සදව මගෙ ලොව හිරුව මගෙ ලොව
පැමිණි නුඹ ඝණ අදුර වන කල..........
නික්ම යන්නෙමි නුඹට රහසින්.................
නුඹෙන් ලද සරණය, සරන කොට..............

සිතුම් ගිනිගෙන හුදකලා සිත
සිදි බිදී හුදකලා වූ සද...........
තුමුල ගිර වු නුඹේ සෙනෙහස......
සිදී ගිනි ගෙන අළුව යා නම් .........
නික්ම යන්නෙමි නුඹට රහසින්
නුඹෙන් ලද සෙනෙහස තුරුලු කොට

No comments:

Post a Comment